නිරුවතින් සාප්පු සවාරියේ නිරත වු කාන්තාව
23 July 2014
දකුණුදිග පෝලන්තයේ කරාකොව් නගරයේ සුපිරි වෙළද සැලකට සැන්විච් එකක් මිළදී ගෑනීමට නිරුවතින් කාන්තාවක් පැමිණ සිටින අයුරු දැක්වෙන වීඩීයෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී. විදෙස් වාර්තා සදහන් කරන පරිදි මෙම කාන්තාව කිසිදු වග විභාගයක් නොමැතිව කෙලින්ම කවුන්ටරය වෙත ගොස් සැන්විච් එකක් මිළදී ගෙන පිටව ගිය බවත් වාර්තා වෙයි. මෙම සිද්ධිය වෙළද සැලට පැමිණ සිටි පාරිභොගිකයෙකු විසින් සිය ජංගම දුරකථනයේ රහසින් රූගත කර තිබේ.
ඇයගේ පෙනුමින් ඇය බීමතින් හෝ වෙනත් මත් ද‍්‍රව්‍යයක් භාවිත කර නොසිටි බව පැහැදිලි වන්නේ යැයිද මෙය රූගත කළ පුද්ගලයා සදහන් කර තිබේ.
වෙළද සැල තුළ දී සහ ඉන් පිටතදී අන් අයගේ හැසිරීම සහ අන් අය සිටින බව මායිම් කර නැති මෙම කාන්තාව කෙලින්ම වෙළද සැල පිටුපස රථගාල වෙත ගොස් සිය රථයේ නැගී යන්නට ගිය බව ද විදෙස් වාර්තා වල දැක්වෙයි
