ආණ්ඩුවක මූලික වගකීම ජනතාවට තුන් වේලම කන්න දෙන එකයි. ඒ දෙක නොකර මාර්ග සංවර්ධනයෙන් ලස්සන පදික වේදිකා, ලස්සන පාරවල් හදා ආශ්චර්යක් පෙන්වීමෙන් පමණක් ජනතා දුක නැති කළ නොහැකි යැයි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා තිස්සමහරා ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පැවැසීය. එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාගම් රුහුණුපුර ජනතාව වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ කීය. තව දුරටත් අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය. මෙම රැස්වීම පැවැත්වෙන ප්‍රදේශය රුහුණු මාගම්පුර ජනතාවට වගේම ජනපති පුටුවට තරග වදින මහින්ද රාජපක්‍ෂ මහතාගේ බලකොටුවක්. මේ වගේ ස්ථානයක සිට ජනතාව අමතන්න ලැබීමත් මට සතුටක්
දැනෙනවා. මට ඒ සතුට ලබා ගන්නට වෙහෙස මහන්සියක් දරා අවස්ථාව ලබා දුන්නාට මම අපේ සජිත් ප්‍රේමදාස මහතාට මගේ ප්‍රණාමය පුද කරනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා හා එයාගේ පාලනය යටතේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා කියා හැම වෙලේම කෑමොර දෙනවා. රටේ ජනතාවට නිදහස, සෑම නිදහසක්ම තියෙනවා කියලා කියනවා. ආණ්ඩුවේ යහ පාලනය තියෙන බවත් කියනවා. යහ පාලනයක් කියන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය, රැස්වීමට ජනතාවට තමන් කැමැති නායකයෙක් තෝරා ගැනීමේ අයිතිය තියෙන්න ඕන. අද මේ රැස්වීම් පවත්වන ස්ථානය ලබාගෙන තිබෙන්නෙ බොහොම අපහසුවෙන්. රැස්වීම යන අතරතුර විදුලිය විසන්ධි කිරීම වැනි බාධා එල්ල වෙනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය.
හම්බන්තොට ආශ්චර්ය කරා ගෙන ගොස් ඇති බව පුන පුනා කියනවා. සංවර්ධනය පිළිබඳ පෙන්වන සුන්දරත්වයට එහා අසුන්දර චිත්‍රයක් මැවෙනවා. මේ හැදූ පාරවල්, ගොඩනැඟිලි මේ සියලු දේ තුළින්ම අති විශාල ධනස්කන්ධයක් ඒ අයගේ සාක්කු පුරවන්න පටන් ගත්තා. පාරවල්, ගොඩනැඟිලි හැදුවට ඒවායේ ආයෝජනය කළාට නගර ලස්සන කළාට ඒවායේ කිසිම ඇස්තමේන්තුවක් මහජන නියෝජිතයකුට පෙන්නලා තියෙනවාද කියලා මම අහන්න කැමැතියි. සෑම ඇස්තමේන්තුවක් හැදුවාම 1/3ක් තමයි ඒ සඳහා වියදම් කළේ. 2/3 මුදලකට මොකක්ද වෙන්නෙ. ඒ අයගේ සාක්කුවලට යන එකයි සිදු වන්නේ. මේ රටේ ජනතාව දැන් බුද්ධිමත්. තමුන්නාන්සේලා එතුමා පළමු වතාවට බලයට පත් කළා. දෙවැනි සැරේ කළගුණ සලකන්න දුන්නා. අවුරුද්දක් ගිහින් ව්‍යවස්ථාව වෙනස් කරනවා කියා තුන්වැනි සැරේත් ඉල්ලනවා. අවුරුද්දක් ගියහම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා නොදන්නකමට නොතේරුම්කමට මහින්ද මහත්තයා ජනතාවට මේවා කීවත් ජනතාව රවටන්න නම් බැහැ.
ජනවාරි 08 වැනිදායින් පසු අපි බිහි කරන අලුත් ආණ්ඩුව තුළින් ජනතාවගේ දුගී භාවය තුරන් කිරීම සඳහා තමයි සෑම විටම මුල් තැනක් දෙන්නෙ. බඩු මිල අඩු කරනවා. ජීවන වියදම අඩුකර තුන් වේල කෑමට නොහැකි ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට අලුත් ආර්ථිකයක් සකස් කර දෙනවා. මේ ප්‍රදේශයේ තමා ගොවි ජනතාවගේ ගැටලු තදින්ම තියෙන්නේ. ගොවි ජනතාවට සහන සලසනවා. වර්තමානයේ වකුගඩු රෝගය ලංකාව පුරා පැතිරී තිබෙනවා. උඩරට ප්‍රදේශයෙන් තමා මුලින්ම වකුගඩු රෝගීන් දකින්න ලැබුණේ. වකුගඩු රෝගීන් මෙන්ම රටේ යහපත් සෞඛ්‍ය තත්ත්වය ඇති කරන්න කවදත් මම කටයුතු කරනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මට සහයෝගය දක්වන පිරිසගෙන් මා කරන එකම ඉල්ලීමද වුණේ පෝස්ටර්, කටවුට් හදන්න යොදන මුදල් වකුගඩු රෝගය තුරන් කරලීම සඳහා ආරම්භ කර ඇති අරමුදලට යොදවන්න කියා. තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයෙන් බිහිවූ නායකයා මහින්ද මහත්තයා නම් ඡන්ද අල්ලස් විදියට මේ දවස්වල නොදෙන දෙයක් නම් නැහැ. රාජ්‍ය දේපොළ සම්පත්, අල්ලස් මැතිවරණ කාලයේදී බෙදපු මෙහෙම ආණ්ඩුවක් ඉතිහාසයේම තිබුණේ නැහැ. මොබයිල් ෆෝන්, ගෑස් ළිප්, අත්ඔරලෝසු, සාරි මේ බොහොමයක් දේ ලැබෙයි. විදේශීය බලවේගයන් ගැන කතා කරනවා. මම කිසිවිටෙකවත් මේ රට පාවා දෙන්නෙ නැහැ. ඩයස්පෝරාවක් ඇදගෙන විවිධ කතා නිර්මාණය කරනවා. පරාජය පෙනි පෙනී මගේ ජයග්‍රහණය වළක්වාගන්න විවිධ අර්ථකථනයන් කරනවා. රටට ආදරයක් ඇති ජනතාවක් විදියට හංසයා ඉදිරියේ තමුන්නාන්සේලාගේ කතිරය ගසා රාජපක්‍ෂ ආණ්ඩුවට පාඩමක් උගන්වන බව නම් ඒකාන්තයි.
සජිත් ප්‍රේමදාස මහතා:
ලබන ජනවාරි 08 වැනිදා පවත්වන තීරණාත්මක ජනාධිපතිවරණයෙන් නිසැක වශයෙන්ම මේ රටේ පරිවර්තනයක් සිදුවෙනවා. රාජපක්‍ෂවරුන්ගේ බලකොටුව හම්බන්තොට දිස්ත්‍රික්කය හා තිස්සමහරාම ආසනය අද මේ රැස්වීමට සහභාගි වී ඇති අති විශාල ජනතාව එයට සාක්‍ෂි දරනවා. අද මේ ප්‍රදේශයේ ජන ජීවිතයට බලපාන ගැටලු රාශියක් තිබෙනවා. ප්‍රධාන ප්‍රශ්නය තමයි දුප්පත් ගොවියාට කිසිම සහනයක් නැහැ. පසුගිය කාලයේ ගොවීන් මුහුණ පා සිටි ගැටලුවක් තමා ගොවි ණය පියවීම. පසුගිය කාලයේ මේ පළාතේ නියඟයෙන් ගොවීන් බැට කෑවා. අස්වැන්න මුළුමනින්ම විනාශ වුණා. ණය බර එන්ට එන්ටම උග්‍ර වුණා. මැතිවරණ සමයක් එන විට නම් ණය සහමුලින්ම කපා හරින බව පවසනවා. ආණ්ඩුව මේ වන විට ගොවි ණය ලබාදීම සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා.
ලබන ජනවාරි 08 වැනිදා පවත්වන තීරණාත්මක ජනාධිපතිවරණයෙන් නිසැක වශයෙන්ම මේ රටේ පරිවර්තනයක් සිදුවෙනවා. රාජපක්‍ෂවරුන්ගේ බලකොටුව හම්බන්තොට දිස්ත්‍රික්කය හා තිස්සමහරාම ආසනය අද මේ රැස්වීමට සහභාගි වී ඇති අති විශාල ජනතාව එයට සාක්‍ෂි දරනවා. අද මේ ප්‍රදේශයේ ජන ජීවිතයට බලපාන ගැටලු රාශියක් තිබෙනවා. ප්‍රධාන ප්‍රශ්නය තමයි දුප්පත් ගොවියාට කිසිම සහනයක් නැහැ. පසුගිය කාලයේ ගොවීන් මුහුණ පා සිටි ගැටලුවක් තමා ගොවි ණය පියවීම. පසුගිය කාලයේ මේ පළාතේ නියඟයෙන් ගොවීන් බැට කෑවා. අස්වැන්න මුළුමනින්ම විනාශ වුණා. ණය බර එන්ට එන්ටම උග්‍ර වුණා. මැතිවරණ සමයක් එන විට නම් ණය සහමුලින්ම කපා හරින බව පවසනවා. ආණ්ඩුව මේ වන විට ගොවි ණය ලබාදීම සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා.
මේ රටේ ගොවි ජනතාවට සැනසීමට හේතු දෙන කාරණයක් තිබෙනවා. අපේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් ගොවි පුත්‍රයෙක්. කුඹුරට බැස ගොවිතැන් කළ ගොවියෙක්. එතුමා ගොවි ජනතාවගේ දුක, කඳුළ, හඳුනනවා. එතුමා මේ රටේ ජනතාවට සමෘද්ධියක් උදාකරනවා. දුප්පත් ජනයාට දෙන සමෘද්ධිය, ගොවි විශ්‍රාම වැටුප් මුද්දර අපි වැඩිකර දෙනවා.
එම ජන හමුවට ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දකුණු පළාත් සභා විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ ඇතුළු මහත්ම මහත්මීහු විශාල පිරිසක් සහභාගි වූහ.