සිසුන් හතරක් එක්ක මත්වී නිරුවතින් නටපු සරසවි නිළිය ගමේ ගොඩේ නැහැදිච්ච කෙල්ලක් උගතා හා බුද්ධිමතා අතර වෙනස පැහැදිලි කරන්නට දැන් දැන් බොහෝ අය උදාහරණ ලෙස පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ය. විශ්වවිද්‍යාලයට යන දරුවන් උගතුන් බවට පත් වුණත් ඔවුන් බුද්ධිමතුන් නොවන අය බව බොහෝ උදවියගේ තර්කයයි.
පසුගිය සතියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් කීප දෙනකු හා ශිෂ්‍යාවක විසින් "රඟ" දක්‌වා ඇති අලුත්ම "ගංදිය නාට්‍ය" නැරඹුවෙකු අපට කී කතාව අප හැමෝටම බුද්ධිමතා හා උගතා පිළිබඳ යමක් ඉගෙන ගැනීමට උපකාරි වනු ඇතැයි සිතමි.
විශ්වවිද්‍යාල සිසුන්ගේ නොමනා කටයුතු පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ වුවද මේ සිදුවීම වෙන සිදුවීමකට සමාන කළ නොහැකිය. මන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ද බීමත්ව මෙම ශිෂ්‍යයන් සමඟ අශෝබන ලෙස හැසිරුණු බවට නැගෙන චෝදනාව නිසා ය. එයිනුත් අප වඩාත් කම්පාවට පත් කළේ මේ ශිෂ්‍යාව ද සිදාදියේ එකියක නොව ගමේම හැදුනු වැඩුනු එකියක වීම ය.
අම්මලා, තාත්තලා ඇඳිවත පවා උකස් කරමින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තම දුව පුතා ගැන නින්දක් නැතිව කල්පනා කරන්නේ "අපේ කෙල්ලට බඩ පිරෙන්න කෑමක් නැතිව දුක් විඳිනවා ඇති..." කියල හිතමිනුයි. අම්මා තාත්තා දෙන "පොකට් මනි" අරගෙන ගිනි වතුර බොන්න පුරුදු වෙච්ච දරුවන්ගේ උපාධියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්‌ද?
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල තුන්වන වසරේ සිසුන් සිව්දෙනකු හා ශිෂ්‍යාවක පේරාදෙනිය කලුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති මහවැලි ගඟ ආශ්‍රිත කුඩා ඔයේ දිය නාපු කථාව අද වන විට ලෝකයම දන්නා සිද්ධියක් බවට පත්ව ඇත. යතුරුපැදි තුනකින් දිය නෑමට ගිය මේ පස්‌දෙනා මත්පැන් බෝතල් දෙකක් ඊට අවශ්‍ය 'බයිට්' ද රැගෙන ගොස් ඇත.
"සරසවි නිළිය"ගේ හා "සරසවි නළුවන්"ගේ නිරුවත් රංගනය නිසා අවදී වූ ගම්මානය මේ රංගනයේ අපේ සංස්‌කෘතියට හැදිච්චකමට සිදුවන හානිය තක්‌සේරු කර ඒ පිළිබඳව පොලිසියේ හදිසි ඇමැතුම් අංශය ද දැනුවත් කළ අතර, මේ අමන උගත් "සරසවි නළුවන්" හා "සරසවි නිළිය" පැමිණි යතුරුපැදිවල ටයර් කපා ඔවුන්ට ගමෙන් පිටවීමට ඇති ඉඩ අහුරා දැම්මෝ ය.
පොලිසිය පැමිණ මේ හිරිකිත "සරසවි නළුවන්" හා "සරසවි නිළිය" අත්අඩංගුවට ගත්තේ ගම්මුන්ගේ සහය ද ඇතිව ය. ඒ වන විට නිරුවන් "සරසවි නිළිය" රූගත කළ කැමරාවක් හා ජංගම දුරකථනය ඇළට විසිකර ඇති බව ද පොලිසියට දැන ගන්න ලැබිණ.
පේරාදෙණිය සරසවියට ඇතුළත් වන්නට වාසනාව හිමි කරගන්නේ උසස් පෙළ විභාගයෙන් වැඩිම ලකුණු දමන සිසු සිසුවියන්ය, එහෙව් නුවණකින් යුක්ත වූ විශ්ව විද්‍යාල සිසුන් වන මොවුන්ට ඇත්තේ පත පොතට පමණක් සීමා වූ බුද්ධියක් පමණද?
ඒ නිසාද තැනට ගැළපෙන ආකාරයෙන් හැසිරෙන්න ඔවුන්ට නොහැකිව ඇත්තේ....? මේ තුන් හතර දෙනකුගේ සුනඛ රඟ දැක්‌වීමෙන් උගත් එමෙන්ම බුද්ධිමත් සිසුන්ට ද සිදු විය හැකි අවමානය ගැන අපි ද කනගාටු වන්නෙමු.
-Jasuri-