දිට්ඨ ධම්ම වේදනීය කර්මය නොහොත් මෙලොව කළ පව් මෙලොවදීම පටිසන්දීම යනු කුමක්ද ?

20 November 2015



ගායිකා උරේශා රවිහාරි විවාහවූදා , උරේශා සිය දෙමාපියන් සමග ගන්නා ලද මෙහි ඇති සමූහ ඡායාරූපය , බොහෝ දෙනාගේ කථාබහට ලක්වූ ඡායාරූපයක් බවට පත්ව තිබේ... උරේශාගේ අම්මාත් ධර්මශ්‍රී වික්‍රමසිංහව කසාද බැන්දේ, එවකට එක්දරු පියෙකුව සිටි ධර්මශ්‍රී වික්‍රමසිංහගේ දරුපවුල කඩලාලු. නමුත් . . . ධර්මශ්‍රී වික්‍රමසිංහ කිසිම අවස්ථාවකදී ඔහු දෙවරක් විවාහ වූ අයෙකුබව පිටතට නොපෙන්වූ අතර ගතවූ කාලය මුලුල්ලේම ධර්මශ්‍රී උත්සාහකොට තිබෙන්නේ ඔහුගේ ප්‍රථම විවාහය කිසිවෙකුට ආරංචි නොවන රහසක් වශයෙන් තබාගැනීමටය.
ධර්මශ්‍රී දෙවරක් විවාහ වූ අයෙකුබව එක්තරා පුවත්පත් ලේඛකයෙකු විසින් වරක් රටට හෙළිකිරීමට සැරසෙද්දී , ධර්මශ්‍රී එම ලේඛකයාට යම් මුදලක් ලබාදී එය නතරකළ බවටද ආරංචි තිබෙනවා. එම පුවත්පත් ලේඛකයා පසු අවස්ථාවකදී එම කථාව සිය මිතුරෙකුට හෙළිකරමින් කියා තිබෙන්නේ ධර්මශ්‍රී දෙවරක් විවාහ වූ අයෙකු බව ඔහුගේ රසිකයින් දැනගන්නවාට ධර්මශ්‍රී තුළ මහත් ලැජ්ජාවක් තිබෙන බවයි. ධර්මශ්‍රී දෙවරක් විවාහ වූ අයෙකුබව තම පුවත්පත මගින් කිසිදිනක හෙළිකරන්නේ නැතිබව පවසා ධර්මශ්‍රී ඉදිරියේ දිව්රා පොරොන්දු වීමට පවා තමාට සිදුවූ බව එම පුවත්පත් ලේඛකයා ඹහුගේ මිතුරෙකු සමග කියා තිබෙනවා. මෙවැනි සැගවුනු කථා කලකට පසුව හෝ කරළියට එනවිට එබදු පුවත්පත් ලේඛකයන් ගැනත් අපට නම් ලැජ්ජා හිතෙනවා. මොකද යම් පුද්ගලයෙකුගෙන් මුදල් ලබාගෙන ඒ කෙනාගේ රහසක් හෙළිකරන්නේ නැතැයි කියා දිව්රා පොරොන්දු වෙන තරමට මාධ්‍යකරුවන් නිවට තත්වයට පත්වෙනවා නම් ඔවුන් ගැන වෙන මොන කථාද ? නමුත් ධර්මශ්‍රීට දෙපාරක් කසාද බදින්නට හොදනම් එය සමාජයට සගවන්නේ ඇයි කියලා සමහරු අහනවා. ඒ නිසයි අපි බොහෝ වෙහෙසක් දරමින් මීට කලකට ඉහතදී ධර්මශ්‍රීගේ මුල් විවාහයේ මගුල් පින්තූරය හොයාගෙන එය අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කෙරුවේ. ( මෙහි වම්පසින් තිබෙන්නේ එම ඡායාරූපයයි. ) තමා දෙවරක් විවාහ වූ බව ලෝකයට ආරංචි වේයැයි සිතා මුල් විවාහයේ බිරිද සමග සිටින සෑම ඡායාරූපයක්ම ධර්මශ්‍රී විසින් ඒ කාලයේදීම ගිනිතබා ඇතැයි පැවසෙන බැවින් ඒ මංගල ඡායාරූපය මේ වනවිට ධර්මශ්‍රීගේ මුල් විවාහයේ බිරිද සතුව හෝ නැතුව ඇති කියලයි අපේ අනුමානය. (එය සොයාගන්නට අපිට උදව්කළේ විශ්‍රාමික ඡායාරූප ශිල්පි ටී. බොනිෆස් මහතායි.) ධර්මශ්‍රීගේ මුල් විවාහ‍‍යේ සැගවුනු තොරතුරු ගැන ගවේශණය කරමින් සිටින අපට ඹහුගේ මුල්විවාහයේ එකම දරුවා පිළිබදවත් දැන්-දැන් තොරතුරු ලැබෙන්නට පටන්ගෙන තිබෙනවා. එම තොරතුරුවලට අනුව ධර්මශ්‍රීගේ මුල්විවාහයේ පිරිමි දරුවාට ධර්මශ්‍රීගේ නිවේදක හැකියාව බොහෝදුරට තිබෙනවාලූ. (අපට ලැබුණු එක් ආරංචියකට අනුව ඔහුට තිබෙන්නේත් තාත්තාගේ කටහඞමලු.) නමුත් ධර්මශ්‍රීගේ දෙවැනි විවාහයේ පිරිමි දරුවා (උරේශාගේ මල්ලීට) නිවේදක හැකියාවක් පිහිටා නැති නිසා ධර්මශ්‍රීගේ මුල්විවාහයේ පිරිමි දරුවා නිවේදකයෙකු ලෙස පෙරට එනු ඇතැයි බිය වී සිටින ධර්මශ්‍රී ඔහුගේ මුල්විවාහයේ පිරිමි දරුවාට මොනම විදිහකින්වත් නිවේදක‍‍යෙකු ලෙස පෙරට එන්නට ඉඞක්නොදී විවිධ ක්‍රමවලින් වසර ගණනක් තිස්සේම ඔහුට බාධාකරමින් සිට ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සත්‍ය ගවේශණ කණ්ඩායම ‍වෙත දැනගැනීමට ලැබී ඇත. එම ආරංචිය බොරුවක් විය නොහැකි යැයි අපටද සිතෙන්නේ , නිවේදක වෘත්තියට නොගැලපෙන පුද්ගලයන් පවා නිවේදකයන් බවට පත්ව සිටින රටක ධර්මශ්‍රී වික්‍රමසිංහගේ හැකියාව ඇතැයි කියන ධර්මශ්‍රී ගේ මුල්විවාහයේ දරුවා වැඞි සද්දයක් නොමැතිව නිශ්ශබ්දව සිටින නිසාය. අපට ලැබුණු එක් විශේෂිත තොරතුරකට අනුව, තම මුල්විවාහයේ දරුවා නිවේදක‍‍යෙකු ලෙස පෙරට පැමිණියහොත් ඔහුට ධර්මශ්‍රීට සමාන වූ හඞක් තිබීම හේතුවෙන් තමා දෙවරක් විවාහ වූ අයෙකු බව සැකයකින් තොරව ලෝකයාට ඔප්පුවන නිසා එය කෙසේ හෝ නතර කිරීමට ධර්මශ්‍රීට අවශ්‍ය වී ඇත. (අප තවදුරටත් ඒ පිළිබදව කරුණු සොයමින් සිටින්නෙමු. ) ඒ කෙසේ හෝ වේවා උරේශාගේ අම්මා එදා ධර්මශ්‍රීගේ දරුපවුල කඩාදමා ධර්මශ්‍රීව බැදගත්තා වගේම මේ තරම් අවිවාහක පිරිමින් ඉන්නා රටක අන්තිමේදි උරේශාටත් සත් හැවිරිදි දරුවෙකු ඉන්නා පියෙකුවම සරණපාවා ගන්නට සිදුවීම දෛවයේ සරදමක් යැයි පින් - පව් විශ්වාස කරන බොහෝදෙනාගේ අදහස වී ඇත. ධර්ම ශ්‍රී ගේ අතීත තොරතුරු දන්නා අය නම් කියන්නේ උරේශාගේ අම්මා එදා ධර්මශ්‍රීගේ මුල් විවාහය කඩලා දාපු එකේ පාපය නොහොත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය අද උරේෂා දුවට පලදීලා කියලයි. . . . තම මුල් විවාහයේ බිරිද හා සුරතල් දියණිය සමග වසර ගණනක් වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයෙකුගේ දරුපවුලට හේත්තු වූ , ගායිකා උරේශා රවිහාරිගේ ගීත රූපවාහිනි නාලිකාවල පෙන්වනවිට උරේශාට සාප කරන තරමටම මේ සථ්‍ය කථාව දන්නා එඩේරමුල්ල ප්‍රදේශයේ ජනතාව අතර මේවනවිට උරේශා දැඞි අප්‍රසාදයට ලක්ව සිටින බවයි එඩේරමුල්ල ප්‍රදේශයෙන් ලැබෙන අලුත්ම ආරංචිවලින් පැවසෙන්නේ ... සත් හැවිරිදි සුරතල් දැරියකට පිය සෙනෙහස අහිමිකරමින් , උරේශා රවිහාරි එක්දරු පියෙකු සමග විවාහවූදා ධර්මශ්‍රීට සහ ඔහුගේ බිරිදට යම් තරමක හෝ මනුස්ස හදවතක් තිබුණානම් මෙතරම් සතුටින් සිනාසෙමින් ඡායාරූපවලට පෙනී සිටිය හැකිදැයි මේ ඡායාරූපය දකින සමහරු කියනවාලූ . ඒත් උරේෂාගේ අම්මාටත් එවැනි දේවල් කරලා මනා පලපුරුද්දක් ඇති නිසා මේවත් වැඞද කියලයි සමහරු අහන්නේ. තමන්ගේම ලෙයින් බිහිවූ , තමාගේම කටහඞ ඇති තම ප්‍රථම විවාහයේ පුත්‍රයාට සතුරෙකුට මෙන් වෙනස්කම් කරන ධර්ම ශ්‍රී වැනි පුද්ගලයෙකු ළග මනුස්සකමක් තිබිය හැකිද කියලත් සමහරු අහනවා. ඒ විතරක් නොවේ. උරේශා විවාහවූයේ විවාහක- එක්දරු පියෙකු සමගය යන බව රටේ ජනතාවට මුලුමනින්ම සගවා උරේශාගේත්- රුචිරගේත් විවාහයේ ඡායාරූප අන්තර්ජාලයේ වෙබිඅඩවිවලට හා පත්තරවලට විකුණමින් විශාල වශයෙන් මුදල් උපයාගත් ඡායාරූප ශිල්පීන් හා එම ඡායාරූපවලට තම වෙබ් අඞවිවලින් සහ පුවත්පත්වලින් විශාල ප්‍රසිද්ධියක් ලබාදුන් සංස්කාරකවරුන්ද ක්‍රියාකොට තිබෙන්නේ මහජනතාව ඔවුන් විසින් පලකරන ඕනෑම පට්ටපල් බොරුවක් පිළිගන්නා මෝඞයන් ලෙස සලකා නොවේද ? මේ විස්තරය මඩ ගැසීම සදහා ගොතන ලද බොරුවක් යැයි හිතන අයට , අවශ්‍යනම් උරේෂාගේ සැමියාගේ මුල් විවාහයේ සාක්ෂියට අත්සන් කළ ප්‍රවීන නැටුම් ශිල්පි චන්න විජේවර්ධන මහතාගෙන් හෝ ජාතික රූපවාහිනියේ සේවය කරන එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුද වන මහේශ් නිශ්ශංක මහතාගෙන් මේ ගැන අසාබැලිය හැකිය. ( සත්‍යවාදී ගවේශණ ඒකකයේ හෙළිදරවිවකි )
 

Popular Posts