ලොවටම වසන්වූ නිරුවත් ගම්මානයක් බ්‍රිතාන්‍යයෙන් හමුවෙයි!

01 December 2014

Mark-and-Tinaබ්‍රිතාන්‍යයේ වැඩි අවධානයකට ලක් නොවූ ගම්මානයක් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට සූදානම්වීමත් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ. මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි. ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.

Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ. මෙහි නිරුවත් නොවී කල් ගත කිරීම සඳහා ගමේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතු වේ. මන්ද ඇඳුම පැළඳගෙන සිටින පිරිස් ඉදිරියේ නිරුවතින් සිටීමට එම ගමේ ජීවත් වන පිරිසට ලැජ්ජාවක් දැනෙන බවට චෝදනා නැගී ඇති හෙයිනි.


ඒ අනුව නිසි අවසර ගැනීමෙන් පසුව නිරුවත් නොවී හෝ මෙම ගම්මානයේ විසීමට බාධාවක් නොමැත.

82 හැවිරිදි රිචර්ඩ්සන් සිය ජීවිතයෙන් අඩකට වඩා ගතකොට ඇත්තේ මෙම ගම්මානයේ ය. ඔහු සිය අත්දැකීම් මාධ්‍යට හෙළිකොට තිබුනේ මෙලෙසිනි.

"නගරේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි, නිරුවතින් ජීවත් වෙන අපෙයි වෙනසක් නැහැ...අපි හැමෝම සමාන ජීවිත ගත කරන්නේ..වෙනසකට තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය තැනක ජීවත් වෙන්න අපිට වාසනාව තිබුනා..මේක හරියට කුඩා වතු යායක් වගේ..අපිට හැම දේම ගෙනවිත් දෙන අය ඉන්නවා..සුපිරි වෙළඳ සැල් වලින් බඩු, උදෑසන පත්තරය, කිරි වගේ දේවල් අපිට ගෙනවිත් දෙන අය ඉන්නවා..මේ ගමේ පිහිනුම් තටාකයක්, බාර් එකක් වගේ පහසුකමුත් තිබෙනවා.. "

මෙම ගම්මානය නිර්මාණය කොට ඇත්තේ රිචර්ඩ්සන් ගේ පියාවන චාර්ල්ස් විසින් 1929 දී පවුම් 500 කට මිලදී ගනු ලැබූ අක්කර දොළහක භූමියක් තුල වේ.
 nudest (1) Nudest (2) Nudest (3) Nudest (4) Nudest vick-and-maggie

 

Popular Posts