එකම දිනක රාත්‍රියේ නිවාස තුනකට ඇතුළු වී රන් භාණ්ඩ සොරකම් කර තුන්වැනි නිවෙසේ නිදා සිටි තරුණියකගේ ළැම අතගා පැන ගිය සැකකරුවකු උතුරු කළුතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 දින දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය. උතුරු කළුතර ජාවත්ත
ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ගමගේ චන්ද්‍රසිරි නොහොත් “උක්කුවා” නමැත්තා මෙසේ රිමාන්ඩ් ගත කිරීමට නියෝග කෙරිණි. නිවාස දෙකකින් රන් බඩු සොරාගත් එම සැකකරු තුන්වැනි නිවෙසේ රන් භාණ්ඩ සොරාගෙන එහි නිදා සිටි තරුණියක දැක ඇගේ ළැම ප්‍රදේශය පිරිමැද ඇති අතර තරුණිය අවදි වී කෑගසද්දී සැකකරු පලා ගොස් ඇත.
මේ පිළිබඳ උතුරු කළුතර පොලිසියේ ස්ථානාධිපති අනුර සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පත්මසිරි කුලතුංග මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ කළහ. ඒ අනුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිල සුනඛ “වූෂු” යොදවා සිදු කළ පරීක්ෂණවලදී සැකකරුගේ නිවෙස තුළ තිබූ රන් බඩුවලින් කොටසක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත. මේ පිළිබඳ උතුරු කළුතර පොලිසිය පරීක්ෂණ සිදුකරයි.