එසේ වුවද, පාසලක සිසු දෙමාපිය රැස්‌වීම්වලට සහභාගි වන මවුවරුනට සාරි ඇඳගෙන එන්නැයි අනිවාර්ය කිරීම කොතරම් දුරට යුක්‌ති සහගත වන්නේ දැයි අපට තේරුම් ගන්නට අපහසුය. වර්තමානයේ මවුවරු
බොහෝමයකගේ ඇඳුම සාරිය නොවේ. ඔවුන් සාරිය අඳින්නේ විවාහ මංගල උත්
සවයක් වැනි අවස්‌ථාවකටය. බොහෝමයකගේ ඇඳුම සාරිය නොවේ. ඔවුන් සාරිය අඳින්නේ විවාහ මංගල උත්
බොහොමයක් මවුවරුන්ගේ වත්මන් ඇඳුම වන්නේ සාය සහ හැට්‌ටය වේ. දැන් දැන් රෙද්ද හැට්‌ටය අඳින්නේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයට පමණි. ඇඟ වැසෙන සේ අඳින්නේ නම් සාය සහ හැට්‌ටය ඇඳීමේ දොසක් කීමට විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට බලයක් ලබා දුන්නේ කව්රුන්ද විමසා බැලිය යුතු කාරණයකි.
දිනපතා රාජකාරි සඳහා සාරිය අඳින අයට මෙම නීතිය ගැටලුවක් නොවේ. නමුත් පාසලට පමණක් සාරි අඳින අයෙක් මේ සඳහා විශේෂයෙන් සූදානම් විය යුතුය. ඇතැමෙකුට තනිවම සාරිය ඇඳගැනීමට ද නොහැකිය. එයටත් තවත් කීයක් හෝ වියදම් කොට වෙනත් අයකු ලවා සාරිය අන්දවා ගත යුතුය.
එබැවින් අම්මලා රට යවා ආච්චිලාට සාරි අන්දවා පාසලේ දෙමාපිය රැස්‌වීමට සහභාගි විය යුතු යෑයි නීති පැනවීමෙන් පමණක් සිසු විනය පිරිහීම වළක්‌වා ගැනීමට හැකි වනු ඇත්ද යන්න අධ්‍යාපන බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු කාරණාවකි.